බුදු සමය බබළවන්නට සිනමාව
බුදුබැති ඇති හැමෝටම මේ උදා වූ නව වසර මා ඇඟි කාල පරිච්ඡේදයකි. එයට හේතුව, මේ වන විට බොහෝ දෙනා දනිති. මේ වෙසක් පෝ දිනය වනවිට, සිදුහත් තවුසාණන් බුද්ධත්වය ලැබ අවුරුදු 2600ක් පිරෙයි. මෙය අසම සම බොදු උළෙලකට මං පාදන පූජනීය සිද්ධියකි. මේ වසර, 2600 වන බුද්ධ ජයන්ති වර්ෂය වන ආකාරය තාමත් ඇතැමුන්ට එතරම් පැහැදිලි නැත. සම්මත බුද්ධ වර්ෂයට අනුව මේ 2011 අවුරුද්ද, බුද්ධ වර්ෂ 2555 යි. එසේ නම්, මෙය 2600 වන බුද්ධ ජයන්ති වර්ෂය වන්නේ කෙසේ ද ?මේ ප්‍රශ්නයට පිළිතුරු සම්පාදනය කළ යුතු වේ.
සම්මත බුද්ධ වර්ෂය ගණන් ගනු ලබන්නේ, සම්බුදු හිමියන්ගේ මහා පරිනිර්වාණයෙහි සිටයි. බුදු හිමියන් පිරි නිවන් පාලා, මේ වසරට අවුරුදු 2555කි. ඒ නිසා මෙය බුද්ධ වර්ෂ 2555යි. එහෙත්, බුදු හිමියන් සම්බුද්ධත්වයට පත් වුණේ. පිරිනිවන් පාන්නට අවුරුදු 45කට පෙරදී ය. එසේ නම්, බුද්ධවර්ෂයට තවත් අවුරුදු 45ක් එකතු කළ විට 2600ක් වේ. මේ අනුව, බුදු හිමියන් බුද්ධත්වයට පත්වෙලා, මේ වසරට අවුරුදු 2600 පිරෙයි.
මෙය, ශත වර්ෂයකට වරක් එළඹෙන උත්තරීතර බුදු මඟුලකි. මේ 2600 යේ බුද්ධත්ව ජයන්තිය, ශ්‍රේෂ්ඨ කාල වකවානුවක් වන්නේ හුදෙක් බෞද්ධයන්ට පමණක් නොවේ. අධ්‍යාත්මික ගුණ වගාව ගරුවෙන් සළකන කා හටත් මෙය ඉතාම අගයැති කාල සමයකි. මෙත් පෙරටු දහමක් දෙසමින් ලොව සැනසූ අමා මෑණියන් වහන්සේ බුදුබව ලබා අවුරුදු 2600ක් ගත වන මොහොතේ දී ලෝකයේ දියුණු සිතැති හැමෝම, කුළුණුබර හැඟීම් පහළකොට ගන්නට පෙළඹෙති. ශ්‍රී ලංකාව, මේ අසහාය බුද්ධත්ව ජයන්තිය සඳහා විවිධාකාරයෙන් සැරසී සිටින්නේ ය. ප්‍රතිපත්ති ගරුකත්වය සඳහා බොහෝ දෙනා අලුතින් පේ වෙති. මේ අතර, මෙම 2600 බුද්ධත්ව ජයන්තිය අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව විසින් ඉටු කළ යුතුව තිබෙන මහා මානව මෙහෙවරක් ඇත්තේ ය.
ඒ මෙහෙය නම්, මිනිස් සමාජයට බෞද්ධ හර පද්ධති ගෙන හැර පෑමයි. බුදු හිමියන්ගේ මෛත්‍රී පූර්වක ධර්මස්කන්ධය නවීන ලෝකයාට ඛ්ඳුන්වා දීමයි. අද ලොවට බුදුහිමියන්ගේ අමා දහම අත්‍යවශ්‍යයි. අද මිනිසා විද්‍යාවෙන් අගතැන්පත්ව සිටින බව ඇත්තයි. සොබාදහම පරදවමින්, තමන් කැමැති කැමැති ආකාරයේ දරුවන් උපදවා ගැනීමේ විද්‍යාත්මක හාස්කම අද මිනිසා සතුව පවතී. උපදින දරුවාගේ ජීව සටහන ලියැවී තිබෙන්නේ සෛලයෙහි අඩංගු ‘ජෙනෝම’ යේ යි. අද විද්‍යාඥයෝ, මේ ජීව කේන්ද්‍රය වෙනස් කරන ආකාරය අවබෝධ කොටගෙන සිටිති. ඒ නිසා තව නොබෝ කලකින් මිනිසාට, තමන්ට ඕනෑ කරන විදියක දරුවන් ලබාගත හැකි වේ. රූප සම්පත්තිය, කායික ශක්තිය, බුද්ධි බලය ආදි ගති ගුණ, උපදින දරුවකුට ලබා දිය හැකි යුගයක් අත ළඟ ය.
මිනිසා විද්‍යාවෙන් කවර විස්මය උපදවන ප්‍රගතියක් ලබා සිටිය ද, මිනිසුන්ගේ අධ්‍යාත්මය ශීඝ්‍ර වේගයෙන් පිරි හේ. යුද - කල කෝලාහල බහුල ය. දෙවන ලෝක මහා යුද්ධය කෙළවර වී අවුරුදු හැට පහක් ගත වී තිබේ. එහෙත් මේ කාලය තුළ දී තෙවන ලෝක මහා යුද්ධයක් හට ගත්තේ නැත. එසේ වුවද මේ කාලය තුළ සටන්, අවි ගැටුම් නැත. එසේ වුවද මේ කාලය තුළ සටන් අවි ගැටුම් යුද කල කෝලාහල 258ක් පමණ සිදු වී තිබේ. අදත් ලෝකයේ ඇතැම් තැන්වල යුද්ධ හා අවි ගැටුම් පවතී. ශ්‍රී ලංකාව විසින් ත්‍රස්තවාදය මුලිනුපුටා ලන නමුදු, අදත් ලෝකයේ බොහෝ පෙදෙස්වලට ත්‍රස්තවාදයේ තර්ජන එල්ල වේ. අද මිනිසුන්ගේ සිතේ සහනය තුරන්ව ගොස් ය.
කෝපාවිෂ්ට බව පෘථුලව විහිද ගොස් තිබේ. මිනිසාගේ ඉවසීම හීනව ගොස් ය. කුඩා දරුවෝ පවා අද කෝපයට පත්වන සුළුවෙකි. ඉච්ඡා භංගත්වය බහුලව පවතී. බලකාමය ඉහවහ ගොස් ඇත්තේ ය. මිනිසාගේ නාශක ශක්තිය අද භයානක ආකාරයෙන් වර්ධනය වී ඇත්තේ ය. දෙවැනි ලෝක මහා යුද්ධය හයවසක් පැවැතුණේ ය. ඒ හය අවුරුද්ද තුළ සිදු වූ විනාශයටත් අධික මහා ව්‍යසනයක් අද තත්පර හයකින් කළ හැකි වන තරමට නවීන මිනිසාගේ නාශක ශක්තිය දියුණු වී ඇත්තේ ය. මේ විනාශකාරී අවිගත් නවීන මිනිසා ලෝක යුද්ධයකට පැටලුනහොත්, මුළු මානව වංශයම විනාශ වී යා හැකි යැයි ‘න්‍යෂ්ටික සිසිරය’ පිළිබඳ මතය පළ කළ පවුල් කෘම්සන් නම් විද්‍යාඥයා පළ කෙළේ ය.
මෙවැනි පසුබිමක, මානව සංහතිය ගලවා ගැනීමට බුදු හිමියන්ගේ දහම උපයෝගි කොටගත හැකි වන්නේ ය. 2600යේ බුද්ධත්ව ජයන්ති අවස්ථාවේ දී ශ්‍රී ලංකාව විසින්කළ හැකි මහාම මානව මෙහෙය නම් මේ අමා දහම මෙත් පෙරටුව, ලොව පුරා විහිදුවාලීම යි. “සම්බුද්ධත්ව ජයන්ති ජාත්‍යන්තර චිත්‍රපට උළෙල” නම් සංවිධානයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ අමා මෑණියන්ගේ මෛත්‍රී පූර්වක දහම, මුළු ලොවටම පිරි නැමීමයි. 2600 යේ බුද්ධත්ව ජයන්ති උළෙලේ දී, අප විසින් ඉටු කළ හැකි මහාම මානුෂික ඛ්ා ශාසනික මෙහෙය නම් අමරණීය බුද්ධ භාෂිතය ලෝකයා අතට පත් කිරීම යි.
සම්බුද්ධත්ව ජයන්ති ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සංවිධානය විසින්, බුදු දහම මුළු ලොවටම දිය හැකි විශ්ව භාෂාව වශයෙන් තෝරාගෙන තිබෙන්නේ “සිනමා” භාෂාවයි. සිනමාව නැමැති “ශ්‍රව්‍ය දෘශ්‍ය භාෂාව“ ලොව කාටත් තේරෙන්නේ ය. ඒ නිසා මේ සංවිධානය විසින් බුදු හිමියන්ගේ අමා දහම ලොවට බෙදා දෙන්නේ සිනමා මාධ්‍යය තුළිනි. මේ සම්බුද්ධත්ව ජයන්ති චිත්‍රපට උළෙල නම් වූ සංවිධානය, ආයතන කිහිපයක් ඒකාබද්ධව සකස් කොට ගෙන තිබෙන ක්‍රියාදාමයකි. එහිලා ඒකාබද්ධවන ආයතන නම් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා ආයතනය, රජයේ චිත්‍රපට සංස්ථාව සහ ආසියා ආලෝක පදනමත් ය.
මේ ආයතනය විසින් 2600 යේ සම්බුද්ධත්ව ජයන්ති උළෙල පවත්වනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ම චිත්‍රපට තරගයක්, ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රියාවේ යෙදෙවීමෙනි. බෞද්ධ තේමා රැගත් චිත්‍රපට තනන්නට ලොව පුරා නිර්මාණශීලීන් එකට එකතුවන විට, අනිවාර්්‍යයයෙන් ම, බුදු හිමියන්ගේ මානව හිතවාදී දහම් කඳ ලොව පුරා පැතිරෙන්නේ ය. මේ සංවිධානය 2600යේ සම්බුද්ධත්ව ජයන්ති උළෙලට 2011 දි සැරසෙන්නේ, 2009 සහ 2010 යන වර්ෂවලදී ලබා ගන්නා ලද පළපුරුද්ද ඒකරාශි කොට ගනිමින් ය.
2600 යේ සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා, මේ සංවිධානය සැරසුණේ 2009 යේ සිට ය. 2009 යේ දී ප්‍රථම ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙල පැවැත් වූ අවස්ථාවේ දී, ලෝකයේ නොයෙක් දේශවල චිත්‍රපට තනන්නෝ, ඒ තේමාවේ මූලික පරමාර්ථයට අනුව නිර්මාණ ඉදිරිපත් කළහ. දේශීය හා ජාත්‍යන්තර මට්ටමෙන් තැනුණු ඒ චිත්‍රපටවලින් ප්‍රශස්ත නිර්මාණ සඳහා සම්මාන පිරි නැමිනි. 2009 යේ දී දේශීය කෙටි බෞද්ධ චිත්‍රපට අතුරින් ප්‍රථම සම්මානය ලබා ගන්නා ලද්දේ සච්ච මාතා නම් චිත්‍රපටය විසිනි. ආත්තම්මාගේ වස්තුව නම් කෙටි චිත්‍රපටය දෙවන තැනට ආයේ ය.
ජාත්‍යන්තර නිර්මාණ අතුරින් ජයග්‍රාහි ස්ථාන ලද චිත්‍රපටවලින් දෙකක් ම, ජපන් චිත්‍රපට වූයේ ය. මැලේසියාවේ තනන ලද “තෙල් පහන” (ඔයිල් ලෑම්ප්) නම් සජීවී කෘත චිත්‍රපටයට ද සම්මාන හිමි විය. 2010 දී මුළු මහත් සම්බුද්ධත්ව ජයන්ති චිත්‍රපට උළෙලම නව මං ගත්තේ ය. ප්‍රශස්ත නිර්මාණ ඉදිරිපත් කළ සියලු දෙනාටම 2010 දී සම්මාන පිරි නැමිනි. 2010 දී සම්මාන පිරිනමන ලද්දේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය. එහි දී දේශීය හා විදේශීය සිනමා ශිල්පීහු ජනාධිපතිතුමා අතින් ත්‍යාග ලබා ගත්හ.
නේපාල රාජ්‍යයේ ලුම්බිණි ප්‍රදේශයේ පුරාවිද්‍යා කටයුතු භාර ප්‍රධාන පුරාවිද්‍යාඥ, වසන්ත බිදාරි මහතාත් 2010 සම්බුද්ධත්ව ජයන්ති උළෙලට සහභාගි වී ජනාධිපතිතුමන් අතින් සම්මානයක් ලබා ගත්තේ ය. 2009 සහ 2010 යන වර්ෂවලදී විවිධ සාකච්ඡා සම්මන්ත්‍රණ ආදී ස්ථානවලදී ද අයැදුම් කරුවන්ට මාර්ගෝප දේශකත්වය සපයනු ලැබුවේ ය. මෙහි දී කිව යුතු විශේෂ කරුණක් වෙයි. සිංහල සිනමාව ආරම්භ වුණේ 1947 ජනවාරි 21 වැනි දායි. ඒ නිසා සිංහල සිනමාවේ වයස 64කි.
මේ මුළු කාලය පුරාම නොවූ විරූ ආකාරයේ ක්‍රියාවලියක් සම්බුද්ධත්ව ජයන්ති ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සංවිධායකයන් විසින් ආරම්භ කොට ඇත්තේ ය. එනම්, තෝරාගත් සිනමාකාමී පිරිසකට නොමිලයේ චිත්‍රපට පුහුණුව ලබා දීමේ ක්‍රමවේදයකි. මේ තෝරාගත් කණ්ඩායම, “සිනමා සංසදය” නම් වෙයි. මෙයට අයත් සිනමා කාමීන්ට, විවිධ වර්ගයේ සම්මන්ත්‍රණවලට හා වැඩ මුළුවලට සහභාගීවීමේ වරප්‍රසාදය ලැබේ. මෙතෙක් පවත්වන ලද සම්මන්ත්‍රණවලට හා වැඩමුළුවලට ඔවුහු සහභාගි වූයේ නොමිලයේ ය.
තව කිහිප දිනකින් ඔවුන්ට සජීවීකරණ සිනමාව පිළිබඳව විශේෂ වැඩමුළුවක් පැවැත්වේ. මේ සියල්ලේම මූලික පරමාර්ථය නම්, බුද්ධත්ව ජයන්ති චිත්‍රපට උළෙල අතිශය සාර්ථක ලෙස පැවැත්වීමයි. මේ චිත්‍රපට උළෙල සඳහා පහත දැක්වෙන වර්ගවල සිනමා කෘති එවිය හැකි වේ.
වෘතාන්ත චිත්‍රපට
කෙටි චිත්‍රපට
වාර්තා චිත්‍රපට
සජීවීකරණ චිත්‍රපට
බෞද්ධ දෘශ්‍යමය සංගීත වීඩියෝ
අර්ධ නාට්‍ය වාර්තා චිත්‍රපට (ඩොකියු ඩ්‍රාමා)
කෙටි චිත්‍රපට
වාර්තා චිත්‍රපට
සජීවීකරණ චිත්‍රපට
බෞද්ධ දෘශ්‍යමය සංගීත වීඩියෝ
අර්ධ නාට්‍ය වාර්තා චිත්‍රපට (ඩොකියු ඩ්‍රාමා)
මේ නිර්මාණ මෙම උළෙල සඳහා එවීමේ දී අනුගමනය කළ යුතු උපදේශ, දුරකථන අංක 2696822 ඇමැතීමෙන් ලබාගත හැකි ය. සම්බන්ධීකාරක නිලධාරීන් වන සංඛ හේරත් සහ අනුරුද්ධ ගුණසේකර, එවිට ඔබට අවශ්‍ය විස්තර සියල්ල දන්වනු ඇත. 2011 සම්බුද්ධත්ව චිත්‍රපට උළෙලේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාව, බෞද්ධ චිත්‍රපට පිළිබඳ ජගත් මධ්‍යස්ථානය බවට පත් කිරීමයි. ඒ නිසා, වර්ෂයක් වර්ෂයක් පාසාම, හොලිවුඩ්හි, ඔස්කාර් සම්මාන උළෙල, ප්‍රංශයේ කෑන්ස්හි වාර්ෂික චිත්‍රපට උළෙල වැනි බෞද්ධ චිත්‍රපට උළෙලක්, ශ්‍රී ලංකාවේ පවත්වාලීම මෙම සංවිධානයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ය.
ශ්‍රී ලංකාව, ඒ ආකාරයෙන්, බෞද්ධ චිත්‍රපට උත්සව පිළිබඳ ජගත් මධ්‍යස්ථානයක් බවට පත් වූ විට, එය , මුළු මහත් දේශයටම ප්‍රබල ආශීර්වාදයක් වන්නේ ය. සංචාරක ව්‍යාපාර දියුණුවීම වැනි ක්‍රියා මගින් මේ දේශයේ ආර්ථිකයටත් අතිරේක ප්‍රතිලාභ සැපයේ. අධ්‍යාත්මික ගුණ වගාවට හිත ඇති සිනමා සංස්කෘතියක් ද ඉන් බිහි වේ. 2011 වෙසක් මස පැවැත්වෙන බුද්ධත්ව ජයන්ති ක්‍රියා මාලාවට, ජාත්‍යන්තර තලයේ විශිෂ්ට ;බෟද්ධයෝ සහභාගී වෙති. සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු රිචඩ් ගියර්, වෙන් කිංස්ලි වැන්නෝ බෞද්ධයෝ යි.
මේ බුද්ධත්ව ජයන්ති මහා චිත්‍රපට උළෙලේ ප්‍රධාන අංගයක් වන්නේ බුද්ධ චරිතය අලලා සිනමා මහා කාව්‍යයක් තනා ලීමයි. දැනටත් එහි තිරනාටකය සකස් කොට ඇත්තේ ය. චිත්‍රපටය සඳහා අවශ්‍ය වන පසුබිම් පෙදෙස්වලින් ඇතැම් ඒවා ශ්‍රී ලංකාවේ භූමි භාග වෙති. කැලණිය මානෙල් වත්තේ බිම් පෙදෙසෙහි කපිලවස්තුපුරය ඉදි කෙරේ. එහි ගොඩනැඟිලි කටයුතුවලින් කොටසක් දැනටම සම්පූර්ණ වී ඇත්තේ ය. 2011 වෙසක් පෝය ආශ්‍රිත දිනවල, මෙතෙක් ශ්‍රි ලංකාවේ නොදුටු ආකාරයේ විභූතිමත් සම්බුද්ධ සංදර්ශන පැවැත්වීමට සැලැසුම් සකස් වී තිබේ. මේ සංදර්ශන නම් කෙරෙන්නේ “සම්බුදු පෙළහර” වශයෙනි. මේ සියල්ල පිළිබඳ විස්තර වරින්වර ප්‍රකාශ කෙරේ.
No comments:
Post a Comment