කොළඹ මහ නගර සභා බෞද්ධ සංගමය මගින් මැයි මස 03 වන බ්‍රහස්පතින්දා විහාරමහාදේවී උද්‍යානයේ දී පැවැත්වීමට නියමිත සීල භාවනා වැඩසටහන මෙසේ ය.
3 වන දා පෙරවරු 8.00 – 9.00 සිල් සමාදන් වීම අනුශාසනය බුද්ධ පූජාව, කොළඹ නව කෝරලේ හා නව තොටමුනේ ප්‍රධාන සංඝනායක, නාරාහේන්පිට රාජායතන බෞද්ධ ආශ්‍රමය විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය වහුමුවේ විජයවංශ නාහිමි, 9.30 – 11.00 ධර්ම දේශනාව කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය දර්ශනපති රාජකීය පණ්ඩිත, විචිත්‍ර ධර්ම කථික ඇත්කඳුරේ සුමනසාර හිමි, 11.15 – 11.30 බුද්ධ පූජාව, පස්වරු 12.30 – 1.00 අසරණ සරණ සේවා නගරාධිපතිතුමා හා නාගරික කොමසාරිස්තුමියගේ ප්‍රධානත්වයෙන්, 1.00 – 2.15 ධර්මදේශනාව තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 2.15 – 3.30 භාවනා වැඩසටහන තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 3.45 – 5.15 ධර්ම දේශනාව, සිල් පවාරණය රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති මාලිම්බඩ පඤ්ඤාසාර හිමි.
No comments:
Post a Comment